IBM විද්‍යාඥයන් ගෙන් ‘ක්වන්ටම් පරිගණකය’!

වේග සීමා නෑ! IBM විද්‍යාඥයන් ගෙන් ‘ක්වන්ටම් පරිගණකය’! දැනට ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත්!

මේ මිහිපිට දැනට තනා ඇති සුපිරිම පරිගණකවලට වඩා වේගවත් පරිගණකය ලෙස සැලකෙන ‘ක්වන්ටම් පරිගණකය’ තැනීමේ සිහිනය සැබෑ කර ගන්න IBM ආයතනයේ විද්‍යාඥයන් දැන් සූදානම්.

ඔවුන් දැනටමත් ඒ සඳහා අවශ්‍ය උපාංග නිර්මාණය කරල ඉවරයි. ඔවුන්ගේ ඊළඟ පියවර පරිගණක පද්ධති නිර්මාණය කිරීමයි.

ඒ අනුව තැනෙන ‘ක්වන්ටම් පරිගණකය’ට මිලියන ගණනක් ගණනය කිරීම් එසැණෙකින් කළ හැකියි. මිහිපිට ඇති ඕනෑම පරිගණක කේතයක් එසැණ විකේතනය කළ හැකියි.


මිලියන ගණනක් ගණනය කිරීම් එසැණ කළ හැකි සිලිකන් චිපය – මෙහි අධි-තාක්ෂණ ‘ක්විබිට්ස්’ තුනක් රැඳවිය හැකියි.

මේ වන තෙක් මිනිස් මොළයට විසඳන්නට නොහැකිව ඇති සියලූ ගණිත ගැටලූ විසදා ගන්නත් මේ අනුව අවස්ථාව පෑදේවි.

ක්වන්ටම් පරිගණකයක් තැනීමට මුලින් ම යෝජනා කළේ 1981 දී භෞතික විද්‍යාඥ රිචඞ් ෆේන්මන්. වසර දශක කීපයක්ම න්‍යායට පමණක් සීමා වී තිබුණු දැන් කි‍්‍රයාවට නැංවීමට ආසන්නයි.

”අතීතයේ දී සමහරු කීවේ මේක තවත් වසර පනහකින්වත් සැබෑවෙන සිහිනයක් නොවන බවයි.” IBM ආයතනයේ වොට්සන් පර්යේෂණ මධ්‍යස්ථානයේ මාක් කෙචන් කියනවා. ”මාත් එක වෙලාවකට එහෙම හිතුවා. ඒත් මං දැන් දන්නවා අවුරුදු 15ක් නැත්නම් ඊට කලින් මේක සැබෑවෙන්න යන බව.”

IBM විද්‍යාඥයන් මේ ක්විබිට්ස් නිර්මාණය කර ඇත්තේ විස්මිත ක්වන්ටම් භෞතික විද්‍යාවේ න්‍යායන් උපයෝගී කර ගෙනයි. ඒ අනුව ක්වන්ටම් පරිගණකයක බිටුවක් වෙනුවට ඇත්තේ ක්විබිටුවක්. ඒ ක්විබිටුවක 1 හා 0 යන දෙකම එක විට රැඳවිය හැකියි.

ක්විබිටු 250ක් අරාවක් තැනුවොත් එහි අඩංගු කළ හැකි තොරතුරු හා දත්ත රැඳ වූ බිටු ගණන, මෙම විශ්වයේ ඇති සියලූම පරමාණු සංඛ්‍යාවටත් වඩා වැඩි වේවි.

IBM විද්‍යාඥයන් කියන්නේ ඔවුන්ගේ ඊළඟ පියවර වන්නේ මේවා සකි‍්‍රයව යොදා පද්ධතියක් ගොඩ නැඟීමයි. ඔවුන් කියන්නේ 2009 දී මෙය ආරම්භ කළ තැන් සිට මේ වන විට දහස් ගුණයක දියුණුවක් මේ ව්‍යාපෘතිය ලබා ඇති බවයි.


දිගින් මිලිමීටර් එකකට වඩා නැති මේ ‘ක්විබිට්’ එකක් තැන්පත් කර තියෙන්නෙ කුඩා සැෆයර් චිපයක කුහරයක් තුළයි. ඒ කුහරය සම්පූර්ණ වන්නේ ඒ දෙක එක’ටෙක ළං කළාමයි. IBM විශ්වාස කරන්නේ මේවා දහස් ගණනක් එනිනෙකට සම්බන්ධ කළ විට අති ප‍්‍රබල පරිගණක නිර්මාණය කළ හැකි බවයි.


IBM විසින් නිපදවා ඇති 3D ක්විබිට් උපාංගය – මේ කුඩා ක්විබිට්ටුව රඳවා ඇත්තේ කොටස් දෙක එක් කළ විට සෑදෙන කුහරයේයි. මිනුම් කරනු ලබන්නේ ඈඳනයන්ට මයික්‍රෝවේව් සංඥා යැවීමෙනි.



සාමාන්‍ය සිලිකන් චිපයක අධි-තාක්ෂණ ක්විබිට්ස් තුනක් රඳවා ඇති අයුරු

”අප දැනට කර ගෙන යන්නේ විද්‍යාගාරයක කෙරෙන සාමාන්‍ය භෞතික විද්‍යා පරීක්ෂණයක් වැනි දෙයක් නොවෙයි. මේක මේ පරිගණක කටයුතු නව මාවතකට යොමු කරන එකක්” IBM විද්‍යාඥ මතියස් ස්ටෙෆන් කියනවා.

”මේ අනුව දත්ත විකේතනය කිරීමේ ක්ෂෙත‍්‍රයෙන් විශාල ඉදිරි පියවරක් තැබීමට හැකි වේවි. එසේම දැවැන්ත සංඛ්‍යාත්මක ගණනය කිරීම්වලටත් අති සංවේදී තොරතුරු කේතනය කිරීමට මෙන්ම විකේතන කිරීමටත් හැකි වේවි, මේ ක්වන්ටම් පරිගණක මගින් නුදුරු අනාගතයේම” IBM ආයතනය කියනවා.

දැනටමත් විද්‍යාඥයන් වෙනස් ආකාරයේ ක්වන්ටම් පරිගණක තාක්ෂණික ක‍්‍රම කීපයක්ම අත්හදා බැලීමට ලක් කර තියෙනවා.

දැනට ලබා ඇති ප‍්‍රතිඵලවලට අනුව IBM විද්‍යාඥ පිරිස සමත් වී තියෙනවා, ක්විබිට්ස්වල ක්වන්ටම් තත්වය මයික්‍රො තත්පර 100ක් දක්වා පවත්වා ගෙන යන්නට. ඒක කලින් තිබුණාට වඩා 2 සිට 4 ගුණයක් දක්වා වර්ධනය වීමක්. මේ අගය දත්ත දෝෂ අවම කර ගැනීමට අවශ්‍ය පරිසාද මට්ටමක්. දැන් ඔවුන්ට ඉතිරිව ඇත්තේ ක්වන්ටම් පරිගණකය නිම කිරීමේ අනෙක් කාර්යයන්ට අත ගැසීමයි. ”ලෝකය පුරා සිටින පර්යේෂකයන් අපේක්ෂා කරන අංග සම්පූර්ණ ක්වන්ටම් පරිගණකය තනන්නට අවශ්‍ය අවම කරුණු සපුරා ගන්නට ආසන්න තත්වයකයි දැන් අප සිටින්නේ.” ඔවුන් ඒ ගැන කියනවා.

ජර්මනියේ ජුලීක්හි ෆෝෂුන්සෙන්ට‍්‍රම් ආයතනයේ හා ආචෙන් විශ්ව විද්‍යාලයේ ක්වන්ටම් තොරතුරු තාක්ෂණ ආයතනයේ මහාචාර්ය ඬේවිඞ් ඩිවින්සෙන්සෝ කියන්නේ, ” IBM ආයතනයේ සුපිරි සන්නායක ක්විබිට් පර්යේෂක කණ්ඩායම මෙතෙක් දක්වා ඇති ප‍්‍රගතිය අනුව ඔවුන් පැහැදිලිවම විශ්වාසදායී, සර්ව සම්පූර්ණ, ක්වන්ටම් පරිගණකයක් නිපදවීමට හැකි මාවතක ගමන් කරන බව කියන්න පුළුවන්. දැන් ඒ ඉලක්කය ළඟදීම සපුරා ගනු ඇතැයි මම විශ්වාස කරනවා” කියායි.

ක්වන්ටම් පරිගණක ක‍්‍රමය ලොව මුළුමනින්ම වෙනස් කරනවා යැයි කියන්නේ ඇයි?

සාමාන්‍ය පරිගණකයක් තේරුම් ගන්නේ බිටුවක් මූලික තොරතුරු ඒකකයක් හැටියටයි.

එය හරියට විදුලි බල්බයක් නිවෙනව දැල්වෙනවා වගේ, බිටුවක ඇත්තේ අගයන් දෙකකින් එකක් පමණයි. එය 1 හෝ 0 වශයෙන් දැක්විය හැකියි.

ක්විබිටුවක හෙවත් ක්වන්ටම් බිටුවකට මේ අගයන් එකක් හෝ දෙකම හෝ එක විට දැරිය හැකියි.
මේ නිසා ක්වන්ටම් පරිගණකවලට ගණනය කිරීම් මිලියන ගණනක් එක විට කළ හැකියි.

අද පවතින පරිගණකවලටත් ඉතා වේගයෙන් ගණනය කිරීම් කළ හැකි වුවත් ඒත් ඒවාට එක විට කළ හැක්කේ සීමිත ගණනය කිරීම් ප‍්‍රමාණයක් විතරයි.

එහෙත් සම්පූර්ණ සකි‍්‍රය ක්වන්ටම් පරිගණකයකට මිලියන ගණනක් ගණනය කිරීම් එක විට කළ හැකියි. එක මොහොතක් තුළ එය මිනිස් වර්ගයා විසින් මේ යුගයේ බිහිකළ එකම අති ප‍්‍රබල පරිගණක වේවි.

 

source : elakiri.com

උණ බට බෝම්බයක් හදමු

hi යාලුවනේ ගොඩ දවසකින් අද අපේ පැත්තේ පොඩි එවුන් සෙට් එකක් උණ බටයක් අරම් ඒකට තඩි බබා හිටියා මට හිතුනා පොඩි සෙල්ලමක් දාලා ආතල් එකක් ගන්ට ඒක තමයි මම අද කියන්ට යන්නේ සමහරුනම් දන්නවා ඇති ඒත් දන්නැති අයත් ගොඩක් අය නොදන්නවා ඇති මේවානම් දැන් ගොඩක් අය කරන්නෑ ඒ උනාට අපේ තාත්තලගේ කාලේනම් මේවා කරලා තියනවා මේවා ඉස්සර අවුරුදුකාලෙට ඉතින් රතිඤ්ඤා වෙනුවට හදලා තියෙන්නේ මටත් මේක කියලා දුන්නේ අපේ ලොකුතාත්තා මේකට ඉතිම් කියන්නේ උණ බට බෝම්බ කියලා ඔයාලා මොකක් කියනවද දන්නෑ මේක් ඇත්තටම ලංකාවෙ තිබුන් දැන් නොදන්න ගොඩක් අය නොදන්න දෙයක් හැබැයි මෙක කලාටනම් කමක් නෑ පරිස්සම් ඇතිව හොදේ මොකද මේක ගිණ්දරත් එක්ක කරන වැඩක් නේ හරි එහෙනම් වැඩේ පටන් ගමු..

මේකට ඕන කරන දේවල්නම්.…….

දිග උණ බටයක් ඕන කරනවා (අඩි 4ක් 5ක්)

භූමි තෙල් බෝතල් කාලක් පමන (ලාම්පුතෙල්)

උණ බටය හිල් කිරීමට කම්බියක් හෝ ඔබට පහසු දෙයක්(optinal)

හරි යාලුවනේ දැන් වැඩේ පටන් ගමු………….

1. මුලින්ම ඔයාලා ගත්ත උණ බටය එක පැත්තක ඉදන් අවසාන පුරුක ඉතුරු වෙන්ට උණ බටය අතුලට කම්බියක් හරි හයිය මොකක් හරි දාලා පුරුක් ටික ඇතුලෙන් කඩා ගන්ට ඒ කඩපු උණ පුරුක් වල කෑලි ටික බටය අනිත් පත්ත හරවලා එලියට ගන්ට (උණ පුරුක් ටික කඩා ගැනීමේදී බටය පැලීමට ඉඩ තියන නිසා කල්පනාවෙන් වැඩේ කරන්ට)

2. ඊලගට යාලුවනේ තියෙන්නේ අපි අර උන බටයේ අන්තිමට කඩල ඉවත් නොකරපු පුරුකට අගල් 2 ක් 3ක් උඩින් පොඩි සිදුරක් හිල් කර ගන්ට ඕන ( එහෙම හිල් කරද්දී බටය පැලෙන්ට පුලුවන්)



3. දැන් ඔයාලා උණ බටයේ විද ගත්ත හිලෙන් බටය ඇතුලට භූමි තෙල් දා ගන්ට (භූමි තෙල් කාලම දාන්ට ඕන නෑ ඊට වඩා ටිකක් අඩුවෙන් දාන්ට ( භූමිතෙල් උනබටයේ පිටත නොගෑ වෙන විදිහට පුනීලය තියලා දාන්ට)

දැන් යාලුවනේ ඔයාලා උන බටය භූමිතෙල් දාපු පැත්ත පල්ලයහට වෙන්ට අනිත් පැත්ත ටිකක් උඩට ඉස්සෙන්ට තියා ගන්ට ( භූමිතෙල් හැලෙන්නැති වෙන්ට තියා ගන්ට ඕන යාලුවනේ) ** පහත රූපයේ පරිදි තියා ගන්ට**

දැන් යාලුවනේ ඔය වේලුන කෙහෙල් කොල පොල් කොල පොඩි පොඩි කෝ‍ටු කෑලි ටිකක් අපි උණ බටයේ ලාම්පු තෙල් දාපු තැනට යටින් තියලා ගිණි තියන්ට ටික වෙලාවක් ලාම්පු තෙල් ටික රත් වෙනකම් ( විනාඩි 10ක් විතර ** පුලුවන් තරම් පරිස්සමින් කරන්ට හොදේ ගින්දර නිසා)

6. ලාම්පු තෙල් ටික රත් වෙනකොට උණ බටය ඉස්සරහින් දුන් දාන්ට පටන් ගයි එතකොට මොකක් හරි බටයක් අරගෙන ( pvc බටයක් වගේ එකක්) අපි විදගත්ත හිලට හොදට පිබින්ට ඇතුලේ තියන දුම් ටික යනකම් ( කට තියලා පිබින්ට යන්ට එපා බටය රත් වෙලා තියන්නේ)

7. දැන් ඔයාලා වෙලුන පොල් කොලයක් වගේ පත්තු කරල ඔයාලා විදගත්ත හිලට ඈත ඉදලා ගිනි ගන්න පොල් කොලේ ලන් කරන්ට එතකොට එකපාරටම ගින්දර විහික්කෙයි උණ බටේ ඉස්සරහින් රතිඤ්ඤයක් වගේ සද්දෙන් ආපහු ඉස්සරල වගේ උණ බටේ විද ගත් හිලට හොදට පිබල දුම් ටික යනකම් එහෙම කරන්ට ටිකක් කර කර ඉන්නකොට පට්ට සද්දයක් එනවා රතිඤ්ඤා පරාදයි හොද මහත උනබටයක් ගන්ට මරු ආතල් එතකොට ( එකම ඉල්ලීමයි කරන්නේ කරනවානම් පරිස්සම් ඇතිව් කරන්ට වැඩි වෙලාවක් මේක කරන්ට එපා උණ බටේ පැලිලා විහික් වෙයි)

මේවා යාලුවනේ අද ඊයේ කරපු දේවල් නෙවෙයි දැන් ඉන්න කොල්ලෝ මේවා දන්නේ නෑ මම හිතනවා මෙක ගොඩක් අය දැන් දන්නවා ඇති කරන්ටම ඕන නෑ දැනුමට හරි වැදගත් සිංහල අලුත් අවුරුද්දට ඉස්සට රතිඤ්ඤා දාලා නෑ මේවා තමයි කරලා තියෙන්නේ දන්නැති අය දැන ගන්ට දන්නැති අයට කියලා දෙන්ට කරනවනම් පරිස්සම් වෙන්ට නොදන්න දේවල් ඉගෙන්න ගන්ට එකම රාමුවකට කො‍ටුවී ඉන්නැතිව මේ වගේ දේවල් ඉගෙන ගන්ට

special thankz go to sanoj jayathilaka


 

Source – Elakiri.com

මොකද්ද මේ ,QR Code

පුවත්පතක ලුහුඩු දැන්වීමක්, දැන්වීම් පුවරුවක විස්තරයක් හෝ ලේබලයක එයට අදාල විස්තරය සදහන් කිරීමට යම් ඉඩක් අවශ්‍යය. ඒ විස්තරය වැඩි වන තරමට අවශ්‍ය ඉඩකඩද වැඩි වනු ඇත. නමුත් මේ සම්මතය වෙනස් කරමින් ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් සදහන් කර තැබිය හැකි ක්‍රමයක් ඇත.එය හදුන්වන්නේ ‘‘ඉක්මන් ප්‍රතිචාර‘‘ [QR - Quick Responce] යන තේරුමින් යුතුව කිව් ආර් කෝඩ් කියාය.
සැම කිව් ආර් කෝඩ් එකක්ම මූලික පෙනුම අතින් ගත්විට සමාන කමක් දැකිය හැක. එහි කෙලවරයන් තුනක තරමක් විශාල සමචතුරස්‍ර තුනක් සහ ඒ සමචතුරස්‍ර තුල තවත් කුඩා සමචතුරස්‍ර තුනක් දැකිය හැකිය. ඒ විශාල සමචතුරස්‍ර වලට අමතරව මුළු කිව් ආර් කෝඩ් එක පුරාම අපිලිවෙලට පිහිටා ඇති කුඩා සමචතුරස්‍ර එකතුවෙන් සෑදුනු විවිධ හැඩතල දැකිය හැක. හැඩතලයන්ගෙන් සමන්විත කොටසට වැඩිමනක් තැන් වලදී කළු වර්ණය යොදා ගෙන තිබුනක් වෙනත් වෙනත් වර්ණද ඒ සදහා භාවිතා වේ.පොදුවේ ගත්විට මේ හැම කිව් ආර් කෝඩ් එකකම පසුබිම සුදු පැහැයෙන් දිස් වේ.වෙනත් වර්ණ පසුබිම සදහා යොදා ගන්නා අවස්ථාද ඇත. කිව් ආර් කෝඩ් එකක රදවන තොරතුරු සදහන් වන්නේ මේ සියල්ලේ පිහිටීමෙනි.
එනම් 2D (ද්විමාන) මොඩියුලයක් තුල තොරතුරු රැදවීමයි. කිව් ආර් කෝඩ් එකක ඇති කුඩා හැඩතලයන් මෙම තොරතුරු රදවා තබන මොඩියුලයන්ය. මේ ආකාරයට 0.5 mm2 (වර්ග මිලි මීටර භාගයක) වර්ගඵලයෙන් යුතු මොඩියුලයන්ගෙන් සමන්විත කිව් ආර් කෝඩ් Micro කිව් ආර් කෝඩ් ලෙසත් 1.0 mm2 වර්ගඵලයෙන් යුතු මොඩියුලයන්ගෙන් සමන්විත කිව් ආර් කෝඩ් සාමාන්‍ය කිව් ආර් කෝඩ් ලෙසත් හැදින්වේ.

කිව් ආර් කෝඩ් එකක සැකැස්ම

මේ ආකාරයට කිව් ආර් කෝඩ් එකක් තුල වෙබ් ලිපිනයක්, යම් පණිවුඩයක් හෝ විස්තරයක් එසේත් නැතිනම් කෙටි පණිවුඩයක් (SMS) එකක් ඇතුළු බොහෝ දේ රදවා තබන්නට පුළුවන ඒ අකුරු නම් 4226 ක්ද ඉලක්කම් නම් 7089 ක්ද යන උපරිමයෙනි.
මේ කිව් ආර් කෝඩ් කියවීම ඒ සදහා විශේෂ පහසුකම් ඇති ස්කෑනර් යන්ත්‍ර වලින් මෙන්ම ජංගම දුරකථනය භාවිතයෙන් සිදු කරන්නට හැකිය. නූතන ස්මාට් ෆෝන් සමග කිව් ආර් කෝඩ් කියවිය හැකි ඇප්ලිකේෂන් ඇති අතර එසේ නොමැති එහෙත් සුදුසුකම් ඇති ජංගම දුරකථන වෙත කිව් ආර් කෝඩ් කියවන්නට භාවිතා කල හැකි ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කොට ඉන්ස්ටෝල් කරගන්නට පුළුවන.KAYWA , i NIgma යනු ජංගම දුරකථනයෙන් කිව් ආර් කෝඩ් කියවීම සදහා භාවිතා කල හැකි ඇප්ලිකේෂන් ගණනාවක් අතුරින් වාඩත් ප්‍රසිද්ද ඒවාය. ඊට අමතරව සිම්බියන් මෙහෙයුම් පද්දතිය සමග හොදින් වැඩ කරන NEO Reader මෘදුකාංගයද ජංගම දුරකථනයෙන් කිව් ආර් කෝඩ් කියවීම සදහා භාවිතා කල හැක. ජංගම දුරකථනයෙන් කිව් ආර් කෝඩ් කියවන ඇප්ලිකේෂන් එක කියාත්මක කර කිව් ආර් කෝඩ් එක දෙසට ජංගම දුරකථනයේ කැමරාව යොමු කල විට එම කිව් ආර් කෝඩ් එකෙහි අඩංගු තොරතුරු කියවා බලන්නට පුළුවන.නැතිනම් කිව් ආර් කෝඩ් එකෙහි සදහන් ආකාරයට ක්‍රියා කරන්නටද පුළුවන එනම් කිව් ආර් කෝඩ් එකෙහි වෙබ් ලිපිනයක් සදහන්ව ඇත්නම් ඒ වෙබ් අඩවියට පිවිසිය හැක. මේ ආකාරයට වෙබ් ලිපිනය අප විසින් සටහන් නොකර හයිපර්ලින්ක් එකක් ආකාරයෙන් එම කිව් ආර් කෝඩ් එක භාවිතා කිරීම භෞතික අවකාශය තුල හයිපර්ලින්ක් භාවිතා කිරීමක් වැනිය. එසේ නැතිව කිව් ආර් කෝඩ් එකෙහි SMS එකක් සදහන්ව ඇත්නම් කෙලින්ම ජංගම දුරකථය භාවිතා කිරීමෙන් ඒ SMS එක යවන්නට පුළුවන මීට අමතරව කිව් ආර් කෝඩ් එකක සදහන් යම් විස්තරයක් කියවීම ආදී දේ ද මේ ආකාරයටම සිදු කරන්නට පුළුවන.
වර්ථමානයේ කිව් ආර් කෝඩ් දැන්වීම් පුවරු වල, වවිධ ඇසුරුම් සහ වෙළද භාණ්ඩ වල සහ පුවත් පත් ඇතුව බොහෝ තැන්වල බාවිතා වේ. ඒ දැන්වීම් පුවරුවක නම් වඩාත් වැඩි තෙරතුරු ප්‍රමාණයක් රදවා තැබිය හැකි නිසාත්, වෙළද භාණ්ඩ වල නම් එසැනින් අදාල නිශ්පාදනයේ නිශ්පාදකයාගේ වෙබ් අඩවියට පිවිස ඒ පිළිබද වැඩි විස්තර දැනගැනීමත් පුවත් පතක නම් ලුහුඩු දැන්වීම් ආදිය පළ කිරීමේදී අඩු ඉඩක් තුල වැඩි තොරතුරු ප්‍රමාණයක් රදවා තබන්නට හැකි නිසා වැනි පහසුව ඇති නිසාය. මීට අමතරව විදේශ රටවල පොදු ප්‍රවාහන සේවා වල ටිකට් පත් තුල, මත විමසුම් ආදියේ SMS පණීඩුව කෙලින්ම යවන්නට ඒ පිළිබද දැන්වීම් පුවරු ආදියේත් කිව් ආර් කෝඩ් සුළභව භාවිතා වේ.

විදේශ රටක දැන්වීම් පුවරුවක කිව් ආර් කෝඩ් භාවිතා කර ඇති අවස්ථාවක්

පුවත්පතක කිව් ආර් කෝඩ් භාවිතා කර ඇති අවස්ථාවක්




කිව් ආර් කෝඩ් එකක් ඹ්නෑම අයෙක්ට පහසුවෙන් හදාගන්නටද පුළුවන.i Nigma Create Barcodes වැනි නොමිලේ සපයන සේවා ඒ සදහා භාවිතා කරන්නට පුළුවන.මෙහිදී වෙබ් ලිපිනයක්, පණිවුඩයක්, Contact Details හෝ SMS එකක් වැනි දේ යොදා කිව් ආර් කෝඩ් එකක් සදා ගන්නට පුළුවන.
Bar Code ක්‍රමයේ දියුණු අවධියක් ලෙසත් කිව් ආර් කෝඩ් හදුන්වන්නට පුළුවන.කිව් ආර් කෝඩ් තරම් තොරතුරු ප්‍රමාණයක් බාර් කෝඩ් වල සටහන් තර තැබිය නොහැකි වීමත් Bar Code හිදී නම් තොරතුරු කියවිය හැක්කේ තිරස් අතට පමණි නමුත් කිව් ආර් කෝඩ් ඹ්නෑ අතකට හරවා කියවිය හැකි වීමත් නිසා බාර් කෝඩ් වලට වඩා ඉදිරියෙන් කිව් ආර් කෝඩ් සිටී.එමෙන්ම කිව් ආර් කෝඩ් තුල Error Coration ගුණාංගයක්ද ඇත.එනම් කිව් ආර් කෝඩ් එකෙහි යම් කොටසක් විනාශ වී ගියත් Error Coration ගුණාංගය නිසා බාධාවකින් තොරව කිව් ආර් කෝඩ් එක කියවන්නට පුළුවන.
කිව් ආර් කෝඩ් 1994 වසරේදී ජපානයේ Denso Wave සමාගම විසින් ලෝකයාට ඉදිරිපත් කල අතර අදටත් ලොව වැඩියෙන්ම නිව් ආර් කෝඩ් භාවිතා කරනා රට ජපානයයි.


source :

http://neanatha.wordpress.com

elakiri.com

උපන් දිනය සැමරීම

දැන් ටිකකට කලින් මම එළකිරි එකේ පොස්ට් එකක් දැක්ක ලංකාවේ එක ගැහැණු ළමයෙක තමන්ගේ උපන් දිනය සමරනවා, එය කරලා තිබ්බේ මහලු නිවසකට ගිහිල්ල එකේ හිටපු අම්මල තාත්තලට කැම දෙන එකක්, ඇත්තටම වටිනවා එයා කරපු දේ,

නමුත් උපන් දිනයක් එන්නම ඕනෙද මහලු නිවාසෙකට යන්න, එදාට විතරද අර මිනිස්සු මතක්වෙන්නේ, මේවගේ උපන් දිනයක් එයාලත් එක්ක සමරන කොට එයාලට කොච්චර දුකක් හිතෙනවා ඇතිද තමන් ගැන , තමන්ගේ ළමයි ගැන,ඒගොල්ලන්ගේ අසරණ කම තවත් වැඩි වෙනවා නේද,

මීට වැඩ හොඳ නැද්ද ලංකාවෙන් ඔය මහලු ,ළමා ,වැඩිහිටි නිවාස අඩු කරන්න ට්‍රය් එකක් දුන්නනම්, එක පුලුවන්ද දන්නේ නැහැ , නමුත් මටනම් හරිම දුකක් හිතුන ඒකැ දැකපු වෙලාවේ,

(මහලු නිවාස හෝ ළමා නිවාස වලට යන්න එපා කියල නෙවෙයි මම මෙයින් අදහස් කලේ, මීට වැඩ අපට යමක් කරන්න පුළුවන් නේද අපිට, )

Slow PC වල HD Video බලන්නෙ මෙන්න මෙහෙමයි

Slow PC වල HD Video බලන්නෙ මෙන්න මෙහෙමයි

හැබැට ඔය මොකක්ද HD කියන්නෙ?

HD කියන්නෙ High-definition කියන එක කොට කරාමා එන අකුරු 2

වැඩි විස්තර ඔනෙ නම් මෙන්න මෙතනින් ගිහින් බලන්න

http://en.wikipedia.org/wiki/High-definition_video

අද මගෙ මාතෘකාවා HD ගැන පහදන්න නෙවෙ හොදෙ

කොහොමද HD ව්ඩියො හොය ගන්නෙ?
ඔය ඔනෙ තරම් තියෙනවා YouTube වල නැතිනම් Torrent වල අර 720p, 1080p කියලා තියෙන්නෙ එව්වා ඔන්න සරලවම කිව්වා

HD චිත්‍රපටියක් බලන්න ඉතිං අපිට ටිකක් ලොකු මැශින් එකක් ඕනෙ සාමාන්‍යෙන්
මෙන්න මෙ වගෙ මැශින් එකක්

Processor: 2.4Ghz (dual core) or 3.5Ghz (single Core) processor.
Graphics: Nvidia/ATi having bare minimum 256MB Video RAM and core clock 600Mhz.

ඔය තියෙන්නෙ අවම එක හොදෙ!

ඉතිං හැමෝටම ඔය වගෙ මැශින් නැ නෙ සමහර අයට Celeron, Atom, Pentium වගෙ පොසෙසර් තියෙන අයත් තාම ඉන්නවනෙ එ වගෙම හැමෝටම Graphic Card එකකුත් නැ
ඔන්න එ වගෙ අයට මම ක්‍රමයක් කියලා දෙන්නම් HD බලන්න

හරි එහෙනම් අවශ්‍ය කරන දෙවල් මෙතනින් බාගන්නකො
1. KM Player
2. Core AVC pro Codec


හරි ඔය ප්ලෙයර් එකයි කොඩෙක් එකයි බාගත්ත නම් KM Player එක install කරගන්න
next කිහිපයක් දුන්නම වැඩෙ හරි

ඊට පස්සෙ Core AVC Pro එකත් Install කරගන්න එකට මම දිලා තියෙන email එකයි serial එකයි
භාවිත කරලා වැඩෙ කරගන්න

ඔන්න දැන් තමයි වැඩෙ පටන් ගන්න හදන්නෙ ඔය දෙකම Install කරලා ඉවර නම්
KM Player එක open කර ගන්න

ඊට පස්සෙ Player එකෙ උඩ Right Click කරලා එන Menu එකෙන් තොරන්න
Options>Preferences

ඊට පස්සෙ යන්න Video Processing වල General Tab එකට ගිහින් Condition කියන එක Disable කරන්න

ඊට පස්සෙ යන්න
Filter Control> Source Filter එකෙ The Rest කියන ටැබ් එකට ගිහින් Matroska කියන එකට tick එක දාන්න

ඊට පස්සෙ Filter Control වලම තියෙන Decoder Usage එකෙ Internal Video Decoder කියන තැන ඔබන්න
ඊට පස්සෙ H.264 සහ AVC1 කියන තැන් වල තියෙන Tick අයින් කරන්න

ඊට පස්සෙ
Decoder Usage එකෙම තියෙන External Video Decoder කියන තැන ඔබන්නකො

Click කරන්න External Decoder Search කියන එක එතනින් එබුවම එන වින්ඩොව් එකෙන්
Add External Codec කියන එක ඔබලා

අර අපි මුලින්ම Install කරපු Core AVC එක ටියෙන තැනට ගිහින් CoreAVCDecoder.ax කියන file එක තෝරලා දෙන්න
සාමාන්‍යෙන් තියෙන්නෙ මෙතන
C:\Program Files\CoreCodec\CoreAVC Professional Edition\

තොරල දුන්නට පස්සෙ මෙහෙම එනවා ඊට පස්සෙ දකුනු පැත්තෙ තියෙන H.264 සහ AVC1 කියන
එවට tick දාන්න

අන්තිම පියවර
Filter Control>Decoder Usage>External Video Decoder වලට යන්න ආයෙමත්
ගිහින්
H.264 සහ AVC1 කියන තැනට *Core AVC Video Decoder කියන එක Select කරන්න

ඔන්න ඔක්කොම හරි
දැන් මම කිව්ව විදියටම කරානම් වැඩ කරන්න ඕනෙ නියමෙටම

මම මේක Test කරෙ මගෙ දුප්පත් මැශින් එකෙ

Intel Pentium 2.00Ghz
512MB RAM
32MB VGA
Bus Speed 400Mhz

ආයෙ නියමෙටම වැඩ වෙනදා කැඩි කැඩි දුවපු 720p ෆිල්ම් දැන් යනවා නියමෙට

Source : http://www.elakiri.com/forum/showthread.php?t=1336130

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලි&#

ක්‍රිස්තු වර්ෂ 1942 වර්ෂයේ ආරම්භ කල පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම විශ්ව විද්‍යාලය වේ. සර් අයිවර් ජෙනිංග්ස් පේරාදෙණිය විශ්ව විද්‍යාලය පිහිටුවීමෙන් පසු ලොවේ කිසිදු සරසවියක්, පේරාදෙණිය සරසවිය වැනි පසුතලයක් උරුම නොකරගනු ඇතැයි පැවසිය.

ජාතික වස්තුවක් ලෙස නම් කල හැකි මෙම විශ්ව විද්‍යාලය වර්තමානයේදී විශාල අර්බුධයන්ට සහ අධ්‍යාපනික පරිහානියකට ලක්ව තිබේ. නොබෝදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්‌. බී. එස්‌. අබේකෝන් මහතා ලෝකයේ තිබෙන විශ්වවිද්‍යාල අතර 2011 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට හිමිවී තිබෙන්නේ 2200 වන තැන බව හෙළි කළේය.

ලංකාවේ හොඳම විශ්ව විද්‍යාලය ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය අප්‍රිකාවේ නොදියුණු රටක් ලෙස සැලකෙන උගන්ඩාවේ මකිරෙරේ විශ්වවිද්‍යාලයටත් වඩා ගුණාත්මක භාවයෙන් පහලින් සිටින බව මේ අනුව පෙනී යයි. පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට මෙවැනි ඉරණමක් අත් වුයේ මන්ද ? ඒ සඳහා වගකිවයුත්තෝ කවුරුද ?

මෑතකදී පලවූ පුවත්පත් වාර්තා අනුව පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික අර්බුදයට අමතරව සදාචාරාත්මක අර්බුධයන්ටද මුහුණ දී සිටියි. මෙම සදාචාරාත්මක අර්බුධය පිළිබඳව කරුණු හරි හැටි තවමත් හෙළිවී නැත. එහෙත් එය ඔඩු දිවූ ප්‍රශ්නයකි.

බොහෝ විට විශ්ව විද්‍යාල බලධාරීන් පවා ඒ සම්බන්යෙන් කරුණු ජනතාවට හෙළි නොකරති. එහෙත් සත්‍ය නම් බොහෝ කාලයක් පුරා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර කාන්තා සමලිංගික හිංසනය තදින් පැතිරී තිබීමයි. මේ ගැන එළි පිට කතා කිරීමට කිසිම පුවත් පතක් මෙතෙක් නිර්භය උත්සාහයක දී නැත.

එම නිසා මේ පිළිබඳව විමර්ශනය කොට කරුණු ජනතාවට හෙළි කිරීමට අප උත්සහ ගත්තෙමු.එහෙත් මෙම වෑයම සමලිංගිකයන්ට එරෙහිව කරුණු දැක්වීමක් හෝ හෝ පුරුෂ අධිපත්‍යට යටවී කාන්තාවන් ගැන පමණක් කෙරෙන හෙළිදරව්වක් නොවේ.

ජනතාවගේ මුදලින් නඩත්තු වන රජයේ විශ්ව විද්‍යාලයක සිදුවන සදාචාර විරෝධී ක්‍රියා පිලිබඳ දැනුවත් කිරීමකි. සැබවින්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සැබවින්ම බරපතළ ගැටලුවක් ඇත. ඒ සඳහා වහාම පිළියමක් යෙදීම අත්‍යවශ්‍යය. මෙම ලිපිය අදාල බලධාරීන්ගේ ඇස් අරවන්නක් වේවා යැයි පතමු.

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සදාචාරාත්මක පරිහානිය ගැන 1960 – 1970 දශකයේ පවා කරුණු ලියැවී තිබේ. දිවංගත ලේඛක සිසිර කුමාර මනික්‍යආරච්චි මේ සම්බන්ධයෙන් පොත් පවා පළ කොට ඇත. එසේම හිටපු අධ්‍යාපන අමාත්‍ය ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කල කොමිසන් වාර්තා වලද මේ ගැන සඳහන් වේ.

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව මුලින්ම මෑත කාලයේදී මාධ්‍යට කරුණු වාර්තා වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

එම හිංසනය ගැන සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගන්නා ලදී. එහෙත් මෙම ප්‍රශ්නය එම සිදුවීමෙන් පසු නැවතී නැත. මාධ්‍යවේදිනී රොෂෙල් සෙනෙවිරත්න හෙළි කරන පරිදි නවක වධ මුවාවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලිංගික හිංසන තදින්ම සිදුවේ. එය නැවැත්වීමට බලධාරීන් අපොහොසත් වී ඇත.

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයෙන් වාර්තා වන කාන්තා සමලිංගික හිංසනය පිළිබඳව කරුණු විමසීමට අප ශිෂ්‍ය උද්ගෝෂණ සපිරි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වූයෙමු. එම සංචාරයේදී අප නවක සහ ජ්‍යෙෂ්ඨ සිසුවියන් මුණගැසී මෙම ප්‍රශ්නය සම්බන්දයෙන් ඔවුන්ගේ අදහස් විමසුවෙමු. අනවශ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුවේ යන බියෙන් බොහෝ දෙනෙකු අපට කතා කිරීමට මැළි වුහ. නමුත් පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කලා පිඨයේ ජ්‍යෙෂ්ඨ සිසුවියක වන නිලුකාගේ ( නියම නම නොවේ) වෑයම නිසා නවක සිසුවියන් කිහිප දෙනෙකු ඔවුන් විසින් මුහුණ දුන් අප්‍රියජනක අද්දැකීම් අප සමග පැවසුහ.

නිලුකා ගේ ගම් පළාත උඩරටය ඒ නිසා පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලය ඇයට ආගන්තුක ස්ථානයක් නොවේ. මුළු විශ්ව විද්‍යාලය සහ එහි ගොඩනැගිලි අතැඹුලක් සේ දන්නා ඇය අපගේ මාර්ගෝපදේශිකාව මෙන්ම විස්තර සපයන්නිය වුවාය. ඇයගේ ආරක්ෂාව පතා අපට නිලුකා ගේ තොරතුරු මෙහි හෙළි කල නොහැක. නමුත් ඇය විසින් පැවසූ තොරතුරු අප මෙසේ හෙළි කරමු.

” පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ සිසුවියන් අතර පවතින කාන්තා සමලිංගික හිංසනය අලුත් දෙයක් නෙවෙයි. මේක හැමදාම පේරාදෙණියේ තිබ්බා. ඒත් ඒක රහසක් හැටියට තමයි පැවතුනේ. මොකද සමලිංගික හිංසනය කරන සිසුවියත් එයට ලක් වන නවක සිසුවියත් කවදාවත් ඒක වෙන කෙනෙකුට කියන්නේ නැහැ. අතවරයට ලක් වන සිසුවියට ඒක විශාල මානසික පීඩනයක්.

ඇයට ඒක විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට හෝ ගුරුවරුන්ට කියන්න බැහැ. ඒ වගේම ඒක ගෙදර කෙනෙකුටවත් කියන්න බැහැ. තනියම මේ හිංසාව දරාගෙන ඉන්න තමයි ඔවුන්ට සිදු උනේ. අතවරයට පත් වූ සිසුවිය විවහා වූ පසු තමාගේ සැමියාටවත් මේක කියා ගන්න බැහැ. නමුත් සදහටම මේ මානසික කැළල ඇය තුල තියනවා. මවක් වූ පසුව ඇය තමන්ගේ දරුවන් දකින විට පවා මේ සිද්දිය ඇයට මතක් වෙන්න පුළුවන්. මේ අතවර නිසා කාන්තා සිසුවියන් බොහෝ දෙනෙකු විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතහැර ගියා. සමහරු මානසික රෝගීන් උනා. කීප දෙනෙකු දිවි නසාගෙනත් තියනවා. “

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ පවතින කාන්තා සමලිංගික හිංසනයේ ප්‍රකටම සහ කෘරතම ගොදුර උනේ රූපා රත්නසීලි මෙනෙවියයි. නමුත් ඇය නවක වදයේ ගොදුරක් ලෙසටයි සිසුන් සහ විශ්ව විද්‍යාල බලධාරීන් ලෝකෙට පෙන්නුවේ. නමුත් සත්‍ය ඒක නොවේ. විශාල බොරුවකින් ඇත්ත වහ ගත්තා.

අද උනත් බහුතරයක් විශ්වාස කරන්නේ රූපා රත්නසීලි රැග් එකට බය වෙලා උඩින් පැන්නා කියලා. එතන උනේ රැග් එකක් නෙවෙයි ලිංගික හිංසනයක්. ඇයට හිරිහැර අතවර කරන්න ආපු ඇයගේ බැචාලා බැචිලා මේ සත්‍ය දන්නවා. නමුත් ඔවුන් අද පවා මේ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. මේ සිද්දිය දැක්ක අය ඉන්නවා මම ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා දැන්වත් මාධ්‍යට ඇවිල්ලා එදා සිදුවූ දේ පිලිබඳ සත්‍ය රටට කියන්න කියලා. නැත්නම් මේ සිද්ධියට සම්බන්ද නොවී සිද්ධිය දැකපු එහෙත් නිහඬතාවය රකින අය පවා රූපාගේ ජිවිතයට වග කියන්න ඕනේ. ඔවුනුත් අපරාධකරුවන්.

රූපා රත්නසීලි පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයට එන්නේ 1975 වර්ෂයේ. රූපා ගේ ගම කරන්දෙණිය, මහඒදණ්ඩේ. ඇය ලැජ්ජා බය ඇතුව හැදුණු ගැමි යුවතියක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ඇතුළු රූපාට රාමනාදන් නේවාසිකාගාරයේ නවාතැන් ලැබුණා. ඒ කාලේ පවා ලිංගික හිංසනය පේරාදෙණියේ තිබුනා. දවසක් නවක වදය කියා ජ්‍යෙෂ්ඨ සිසුවියන් පිරිසක් පෑන් අරගෙන ඇයගේ කාමරයට කඩා වැදුනා. මේ පෑන් ඔවුන් නවක සිසුවියන්ගේ යෝනි මාර්ගයට ඇතුල් කරනවා.

මේ ලිංගික හිංසනයට බය වූ රූපා රත්නසීලි රාමනාදන් ශාලාවේ උඩුමහලෙන් බිමට පැන්නා. ඒ නිසා ඇයගේ කොන්ද කැඩී සදාකාලික අබ්බගාත වුණා. ඉන්පසු රූපා ජිවත් වුනේ රෝද පුටුවක. දිවි රැක ගත්තේ රෙදි වියලා. ඇයගේ තරුණ ජීවිතය පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ ලිංගික හිංසක පිරිසක් නිරපරාදේ විනාශ කළා. මේ මානසික පීඩනය නිසා 1997 දී රූපා රත්නසීලි මෙනෙවිය රෝද පුටුව පිටින් ලිඳට පැනලා දිවි නසා ගත්තා.

රූපා රත්නසීලිට ලිංගික හිංසන කරන්න ආපු අය අද මහාචාර්යවරියන් , සමහරු විදුහල්පතිනියන් , සමහරු ආයතන ප්‍රධානීන් , ඔවුන් අද පිරුවට වගේ ජීවිත ගත කරනවා. සදාචාරය සංස්කෘතිය ගැන පුවත් පත් වලින් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් කතා කරනවා. නමුත් රූපා රත්නසීලි මෙනෙවියට කරපු අපරාධයට ඔවුන්ට කවදා හෝ වන්දි ගෙවන්න සිදුවෙනවා. මේ අපරාදය ඔවුන්ට නැතිනම් ඔවුන්ගේ දරුවන්ට හෝ සහගහවී.

වර්තමානයේත් පේරාදෙණියේ මේ ලිංගික අතවර තියනවා. සමහර ජ්‍යෙෂ්ඨ සිසුවියන් නවක සිසුවියන්ව බලහත්කාරයෙන් සම ලිංගික සේවනයට යොදවා ගන්නවා. මේ වින්දිතයන් ඊළඟ වසරේ එන නවක සිසුවියන්ට ලිංගික අතවර කරනවා. මේක හරියට විෂම චක්‍රයක්. සමහර අතවර පුවත් පත් වල ලිවීමට පවා බැහැ. ඒතරම් අශ්ශීල දේවල් මේ විශ්ව විද්‍යාලයේ සිදුවෙනවා. කවුරුත් මේ ප්‍රශ්න ගැන ලියන්නේ නැහැ.

ඒ නිසා මේවා සදහටම මේ විශ්ව විද්‍යාලයේ තියේවි. දැන් බලන්න ලඟදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දහ දෙනෙකුගේ ඇඳුම් ගලවලා වැසිකිලියකට දමලා නවක වදය දීලා. මේක කරලා තියෙන්නේ දෙවැනි වසරේ සිසුවියන් වගයක්. මේ අය සමහර අලුත් ගෑනු ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් පවා කරලා තියනවා කියලා සමහර නවක ළමයි කියනවා. එක ළමයෙකු නිරුවත් කරවලා ඇඟට මුත්‍රා පවා කරලා. අපට ආරංචිය තියනවා මේ තුන්දෙනා එකතු වෙලා ගම්පහ ඉස්කෝලෙකින් ආපු ළමයෙක්ව බලහත්කාරයෙන් මුඛ සංසර්ගයේ යොදවාගෙන කියලා.

මේක අමු අමුවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනයක්. ලිංගික දුෂණයක්. වෙළඳ කලාපයේ අඩු ඉගෙනීමක් තියන කෙල්ලොවත් මෙහෙම හැසිරෙන්නේ නැහැ. මේ තුන්දෙනාගේ පන්ති තහනම් කිරීම විතරයි කරලා තියෙන්නේ. හරිනම් මේ අය උසාවි දාන්න ඕනේ. මේ අයගේ නම් ගම් පත්තර වල දන්න ඕනේ. එතකොට තම තමන්ගේ ගෙවල් වල අය, අසල්වැසියෝ මේ අයගේ හැසිරීම කොහොමද කියලා දැනගන්නවා. එතකොටවත් ලැජ්ජා වෙලා හැදෙයි. එක අනෙක් අයටත් පාඩමක් වෙයි. නමුත් දැන් මේ තුන්දෙනා පන්ති තහනමෙන් පස්සේ අපහු එනවා. ඇවිත් නැවත අහිංසක කෙල්ලන්ට අතවර කරයි.

ලංකාවේ විශ්ව විද්‍යාලවල ලිංගික අසහනය හරියට තියනවා. මේ විශ්ව විද්‍යාල අර්බුධ වල මූලය තියෙන්නේ මේ ලිංගික අසහනය තුල. මේක ආණ්ඩුවටවත් උප කුලපතිටවත් , උසස් අධ්‍යාපන ඇමතිටවත් තේරෙන්නේ නැහැ. බරවා පයට වගේ වෙන ප්‍රතිකර්ම කරනවා. මේ ලිංගික අසහනය වැඩි කලා පීඨ වල තමයි. කලා පීඨ වල ඉගන ගන්නේ සාහිත්‍ය වගේ සිත නිවන විෂයන්. ඒත් ළමයි ඒ විෂයන් හදාරලා නිවීමක් ලබලා නැහැ.

අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ?

මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා. මම ලඟදි කියෙව්වා ලක්බිම ඉරිදා පත්තරේ ලිපියක් නවක වදය සම්බන්දයෙන්. ඒකේ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියන දොස්තර මහත්තයා බොහොම අපුරුවට රස කරලා කියනවා කිසිම හිරිකිතයක් නැතුව 1978 දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ සිදුවීමක් ගැන.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි කියන හැටියට නවක වද සතිය නිමාවන දිනයේ ජීවක නේවාසිකාගාරයේ සියලුම නවක වෛද්‍ය ශිෂ්‍යයන් සැත්කමකට භාජනය කරන බව ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් දන්වා තිබුණාලු . මෙය පිරිමින්ගේ ලිංගේන්ද්‍රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කමයි. ඔහු කියන විදියට එදා නේවාසිකාගාරයේ කාමරයක් ශල්‍යාගාරයක් ආකාරයටම සකස් කර ශල්‍ය වෛද්‍යවරුන් අඳින ඇඳුම්වලින් ‍‍‍ජ්‍යෙෂ්ඨ සිසුන් කිහිපදෙනෙක් සැරසී සිටියාලු . සැත්කමට අවශ්‍ය කතුරු, පිහිවැනි ආයුධ පවා ඔවුන් සතුව තිබුණාලු. නවක සිසුවෙකු ඇඳ මත හොවා කතුරු පිහි ආදිය යොදාගනිමින් පිරිමි ලිගුවේ පෙර සම ඉවත් කරන ආකාරයටම ඔවුන් සැත්කම රඟ දක්වලා.

මේ සිදුවීම ගැන බලන්න ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් නවක වධය මුවාවෙන් නවක සිසුවෙකු නිරුවත් කරලා ඔහුගේ ලිංගේන්ද්රියට බොරුවට ශල්‍ය කතුරු දික් කරනවා. මෙසේ කෙනෙකුට තවත් කෙනෙකු බලහත්කාරයෙන් පීඩනය යොදා නිරුවත් කිරීම කල හැකිද? මේ සිදුවීම සීලාචාර රටක සිදු උනානම් විශ්ව විද්‍යාලයේ කුලපති පමණක් නොවේ අධ්‍යාපන ඇමැතිටත් උසාවි යන්න සිදු වෙනවා නේද? මේවා ලංකාවේ ලිංගික අසහනය නිසා වෙන සිදුවීම් නොවෙයිද ? “

නිලුකාගේ මැදිහත්වීම නිසා නවක සිසුවියක වන සන්ධ්‍යා (නියම නම නොවේ) සමග තොරතුරු කතා කිරීමට අපට හැකි විය. ඇයගේ අත්දැකීම් සන්ධ්‍යා අප සමග කීවාය.

“මගේ ගම් පළාත කෑගල්ලේ . මම විශ්ව විද්‍යාලයට තේරුනා කීවහම ඉස්කෝලේ ගුරුවරු නෑදෑ මිතුරන් දෙමාපියන් හරියට සතුටු උනා. ඒත් විශ්ව විද්‍යාලය කියන්නේ කොච්චර පහත් තැනක්ද කියල තේරුනේ මෙහෙ ආවට පස්සේ. අපි ඇවිත් අලුත අක්කලා (ජ්‍යෙෂ්ඨ සිසුවියන් ) අවා රැග් කරන්න. එක අක්කා කෙනෙක් හිටියා නායිකාව වගේ.

එයා ජේවීපී කරන කෙනෙක්. එයා එක්ක තව අක්කලා හතර දෙනෙක් විතර හිටියා. අපිව ශාලාවකට දාලා අමු කුණුහර්පයෙන් කතා කතා කළා. මම කවදාවත් ඒ වගේ වචන උපන්තේකට අහලා නැහැ. අපේ ගෙවල් වල ඒ වගේම අසල්වැසියන් කවදාවත් කුණුහර්ප කියාගෙන නැහැ. මේ නිසා මට ඒ වචන කම්පනයක් වගේ. ගැහැණු ළමයෙකුට ඒ වගේ කුණුහර්ප කියන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවේ නැහැ.

ඊට පස්සේ අපිව වෙන් වෙන් වශයෙන් අරගෙන රැග් කරා. එක ළමයෙක් හිටියා එයා ශරීර ප්‍රමාණයෙන් පොඩියි. ඒත් සිරියාවන්ත පෙනුමක් තියන ළමයෙක්. ඒ ළමයාගේ පියයුරු මිරිකුවා. මිරිකලා ඇහුවා උඹලා එස් .බී ගේ නායකත්ව පුහුණුවට හමුදා කඳවුරු වලට ගියාම අමිකාරයෝ මේවා ඇදලා ලොකු කරලා දුන්නේ නැද්ද කියලා. එකට අර ළමයා ගේ ඇස් වලට කඳුළු ආවා. ඒ වගේ මහා ජරා කතා කිව්වා. සමහර ළමයින්ගේ ගවුම් පවා ඔසවලා තියනවා. ”

සමහර නවක සිසුවියන්ට සිදුවූ ලිංගික හිංසන ගැන නයෝමි (සත්‍ය නම නොවේ) මෙසේ හෙළි කළාය.

“නවක වදයට අපිව ගත්තේ ජ්‍යෙෂ්ඨ සිසුවියන් කණ්ඩායමක්. අපිව වැසිකිලියකට ගාල් කළා.උඹලා ඔක්කොටම අද ඉටිපන්දම් ඔබනවා කියලා ඉටිපන්දම් පෙන්නලා බය කළා. මේ නිසා ළමයි හරියට බය උනා. ඊට පස්සේ එක්කෙනා ගානේ අරගන විස්තර ඇහුවා. උඹලට බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවාද ? උඹලා බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලා එක්ක කරලා තියනවද? (ලිංගිකව හැසිරී තියනවද ) කියලා මහා වල් විදියට තොරතුරු ඇහුවා.

කතා කෙරුවේ අමු කුණුහර්පයෙන්. එක සීනියර් ගෑනු ළමයෙක් මම ලඟට ඇවිල්ලා මාත් එක්ක ආප්පෙකට වරෙන් කිව්වා. සමලිංගික හැසිරීම් වලට ඔවුන් භාවිතා කළේ ආප්ප කියන වචනේ. මම බය උනා. මම කිව්වා අක්කේ මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ ආමි එකේ මට කරදර කරන්න එපා. මට කරදරයක් කලොත් මම බෝයි ෆ්‍රෙන්ඩ්ට මට උන කරදරය ගැන ලියලා මම දිවි නසා ගන්නවා කියලා.

එතකොට අක්කට එයා එක්ක ගනුදෙනු බේරගන්න වෙයි කියලා. එතකොට ඒ සීනියර් ගෑනු ළමයා මට කුණුහරපයක් කියලා පලයන් යන්න කිව්වා. ඊට පස්සේ මම හිටියේ හරිම බයේ. මේක ගෙදරට කියන්නත් බැහැ. කිව්වොත් තාත්තා කියයි ඔය විශ්ව විද්‍යාල ගමන අතහැරලා ගෙදරට වෙලා හිටපන් කියලා. පුදුම මානසික වදයක් තමයි මුන් ටික අපිට දුන්නේ. ”

නයෝමි පවසන පරිදි ඇතැම් නවක සිසුවියන්ට පේරාදෙණි සරසවියේ ඉතා පහත් අන්දමේ ලිංගික හිංසන වලට ලක් වීමට සිදුවී තිබේ. මෙම නවක වධ ලිංගික අතවර වලට ජ්‍යෙෂ්ඨ සිසුවියන් විවිධ ආකාරයේ නම් භාවිතා කරති.

පෑන් ගැසීම හෝ ඉටිපන්දම් ගැසීම යනු නවක සිසුවියකගේ යෝනි මාර්ගයට බොල්පොයින්ට් පෑනක් හෝ ඉටිපන්දමක් ඇතුළු කිරීම හෝ එසේ කිරීමට තර්ජනය කිරීමයි. අලුත් පැල වලට වතුර දැමීම යනු නිරුවත් හෝ අඩ නිරුවත් කොට බිම දිගා කර සිටින නවක සිසුවියකගේ ශරීරයට (විශේෂයෙන් මුහුණට) ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් මුත්‍රා කිරීමයි. කැටයට සල්ලි දැමීම යනු ජ්‍යෙෂ්ඨ සිසුවියක් විසින් නවක සිසුවියකගේ භගමනිය අවට ප්‍රදේශය දබර ඇඟිල්ලෙන් සම්භාහනය කිරීමයි.

කාම සුත්‍ර ඇක්ෂන් කිරීම යනු නවක සිසුවියන් දෙදෙනෙකුට විවිධ ලිංගික ඉරියව් වලින් රැඟුම් පෑමට බල කිරීමයි. සමහර ලිංගික හිංසන ක්‍රියා පුවත් පතක පළ කිරීමට පවා නොහැකි අශ්ශීල බැවින් යුක්තය.

දකුණු පළාතෙන් පැමිණි ලසන්ති (සත්‍ය නම නොවේ) නවක වදය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැර යමටට මුලින් තීරණය කරගෙන සිටියාය. පසුව එකට ඉගෙනුම ලබන සිසු සොහොයුරියන්ගේ අවවාද නිසා ඇය එම තීරණය අත ඇරියාය. තමන්ගේ කටුක අද්දැකීම් ලසන්ති අප සමග බෙදා ගැනීමට කැමති වුයේ සන්ධ්‍යා සොහොයුරිය ගේ ඉල්ලීම පරිදිය.

“විශ්ව විද්‍යාලයට එනකොට අපි දැනගෙන හිටියා මෙහෙ නවක වදය තියන බව. මම හිතුවේ අපිව මේසයක නග්ගවලා සින්දුවක් කියන්න දෙයි , නැටුමක් නටන්න දෙයි කියලා. ඒත් පේරාදෙණියේ මේ විදියේ කැත විදියට කෙල්ලෝ කෙල්ලන්ට රැග් කරයි කියලා අපි හිතුවේ නැහැ. ඇත්තටම ඒක රැග් කිරිල්ලක් නෙවෙයි.

තමන්ගේ පහත් ආශාවන් ඉටු කරගන්න කරන වැයමක්. අපි මුලින්ම ලෙක්චර් එකට යන කොට ජ්‍යෙෂ්ඨ ගෑනු ළමයි මග හරස් කරලා කිව්වා අද රෑ අපි එනවා උඹලට රැග් කරන්න, ඔක්කොම එවුන් නයිටි ඇඳගෙන හිටපල්ලා හැබැයි ඇතුලට පෑන්ටියක් වත් අඳින්න එපා. පෑන්ටි ඇඳලා ඉන්න එවුන්ට ඉටිපන්දම් ඔබනවා කියලා.

මේකට මම හරියට බය උනා. මට උණත් ගත්ත. අපේ බැජ් එකේ ළමයි මට පැනඩෝල් දීලා සාත්තු කළා. උදේ වෙනකොට මම හිතුවා මේ නරකාදියෙන් මම යන්නම යනවා කියලා. ඒත් අපේ ළමයි මව සනසවලා කිව්වා ආතක් පාතක් නැති නැහැදිච්ච් වට්ටි අම්මලා ටිකක් නිසා ඔයාගේ අනාගතය නැති කර ගන්නවද කියලා.

ඒ අයගේ අවවාද නිසා මම නැවතුනා. මේ අය මානසික ලෙඩ්ඩු , මේ අයට තමන්ගේ ගෙවල් වල නංගිලා එහෙම නැතුව ඇති. ඒක නිසා තමයි නවක ළමයි ලඟට ඇවිල්ලා නොහොබිනා දේවල් කැත යෝජනා කරන්නේ. පිරිමි ළමයි වත් නොකියන අසෝබන වල දේවල් තමයි මේ අය අපිට කිව්වේ. මේ අය කවදා හරි භාර්යාවන් , ගෘහනියන් , අම්මලා වෙයි. නමුත් මේ අය කරපු කැත වැඩ මේ අයටම මතක් වේවි. ”

පාසලේ ශිෂ්‍ය භට නායිකාවක ලෙස කටයුතු කල සෙව්වන්දි (නියම නම නොවේ) නවක වදයට බිය නොවුවාය. ඇය දැඩි ආත්ම ශක්තියකින් යුතුව ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ හිංසනයට මුහුණ දුන්නාය. එසේම තම අනෙකුත් සොහොයුරියන්ට නවක වැඩ හිරිහැර කරන ජ්‍යෙෂ්ඨ සිසුවියන්ට මුහුණ දෙන හැටිද සෙව්වන්දි කියා දුන්නාය.

” මේ ජ්‍යෙෂ්ඨ අය දන්න දේශපාලනයක් නැහැ , යන්තම් කවුරුහරි කියන දෙයක් අහුලාගෙන ඒ අදහස් අලුතින් එන ළමයින්ට බලෙන් කවන්න හදනවා. ඒකට නවක වදය වගේම මේ ලිංගික භීෂණයත් යොදාගන්නවා. මහා හයියෙන් කෑ ගහලා කුණුහර්ප කියනවා.

නමුත් මේ අය බය සහ ආත්ම ශක්තියක් නැති පිරිසක්. ඒ නිසා තමයි මේ වගේ පහත් දේවල් කරන්න එන්නේ. ඒ අය එන්නේ සමුහයක් වශයෙන් , මොකද තනි තනියෙන් එන්න , ඇවිත් මුහුණ දෙන්න බයයි. අපේ කණ්ඩායමේ ළමයින්ට මම කිව්වා හිරිහැර කරන්න හරි ලිංගික බලපෑමකට අවොත් එහෙම හරි කෑගහන්න කියලා. ඒ වගේම කියන්න කිව්වා මේ ගැන වීසීටම කම්ප්ලේන් කරනවා කියලා. අපිට හිරිහැර කරන්න දෙපාරක් විතර අවා අපි කතා කරගත්ත පරිදි ක්‍රියා කළා. මහා වීරවරියන් වගේ ආපු පාහර ගෑනු ටික එහෙම්මම පල්ලන් බැස්සා.

නමුත් මේ අය අපේ තව ළමයි කට්ටියක් වැසිකිලියකට අරගෙන ගිහිල්ල ඇඳුම් ගලවලා රැග් කරලා තියනවා. ඒකට සෙකන්ඩ් ඉයර් එකේ ගෑනු ළමයි තුන් දෙනෙකුගේ පන්ති තහනම් උනා. මේ අයව හරි නම් ශිෂ්‍ය භාවය අවලංගු කරලා විශ්ව විද්‍යාලයෙන් එලවන්න ඕනේ. ඔය පන්ති තහනම් කරපු තුන්දෙනාගෙන් එක කෙනෙක් තමයි ……………….. (මෙම ජ්‍යෙෂ්ඨ සිසුවියට විරුද්ධව විනය පරීක්ෂණයක් තිබෙන නිසා ඇයගේ නම මෙහි සඳහන් කල නොහැක) ගම ………… පළාතේ. එයා තමයි ගොඩක් නවක ගෑනු ළමයින්ට සමලිංගික හිරිහැර කලේ.

මේ තැනැත්ති අලුත් ළමයෙකුව කලින් දවසේ බලෙන් වැසිකිලියකට අරගෙන ගිහිල්ල එයාගේ ඇඳුම් ගලවල එක එක විදියේ වනචර වැඩ කරව ගත්තලු. ඒ අතවරයට ලක් වෙච්ච ළමයා ලැජ්ජාව නිසා පැමිණිලි කරන්නේ නැහැ. මේක එක විදියක ස්ත්‍රී දුෂණයක්. මේවට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.

මුන්ට වැදගත් ඉස්කෝලෙකින් ආපු හම පාට වැටුණු කෙල්ලෙක් දැක්කම මදන යකා ඔළුවට ගහනවා. මේ අය පාසලේ , සමාජයේ, විශ්ව විද්‍යාලයේ කිසිම අවධානයකට පාත්‍ර නොවේච කවදාවත් ක්‍රීඩාවක් නොකරපු , කිසිම සෙල්ෆ් එස්ටීම් එකක් නැති පිරිසක්. සමාජ තත්වය, නායකත්වය, අනිත් අයව පාලනය කරන බලය ලබාගන්න යන්නේ බලහත්කාරයෙන් ලිංගික පීඩනය යොදවලා. මේ වගේ මානසික පිස්සියන් රැලක් තමයි අන්තවාදී ශිෂ්‍ය සංවිධාන යොදාගන්නේ උද්ගෝෂණ කරන්න , පොලිසියට හූ කියන්න, ආණ්ඩු පෙරලන්න. මේ වගේ අයට සමාජයේ සිවිල් බලයක් , දේශපාලනමය වශයෙන් බලයක් අවොත් මොනවගේ විකෘති වැඩ නොකරයිද ? “

නවක සිසුවියන් පවසන පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දරුණු ලිංගික හිංසනයක් පවතී. නමුත් එම ගැටලුවට පිලියමක් මේ දක්වා යොදා නොමැත. වාර්ෂිකව මෙම අදිසි ගැටලුව වසංගත රෝගයක් සේ මතු වේ. දශක ගණනාවක් පුරා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයන් ගැන කිසිවෙකු කතා නොකරති. කිසිවක් නොලියති.

වින්දිතයන්ද නිහඬතාවය රකිති. මේ ලිංගික හිංසනය නිසා රූපා රත්නසීලි වැනි අහිංසක යුවතියන් ජීවිත වලින් වන්දි ගෙවා තිබේ. එහෙත් මේ සාපයේ අවසානයක් දැකීමට නොහැක. දර්ශනීය හන්තානේ කඳුවැටිය සහ මනරම් මහවැලි ගඟ මැදි කරගත් ලෝක පුජිත පේරාදෙණිය විශ්ව විද්‍යාලය අද ලිංගික අසහනයෙන් සහ කාම ඔල්මාදයෙන් පෙලෙන රෝගීන්ගේ තිප්පලක් බවට පත් වෙමින් තිබේ. අධ්‍යාපනික වශයෙන්ද පේරාදෙණිය ගරා වැටී ඇත. අඳුරු මහාද්වීපයේ විශ්ව විද්‍යාලද අද පේරාදෙණිය පසු කරමින් යති.

කාන්තා හිංසනය ගැන කතා කිරීමට ලාහෙන් මැනීමට තරම් සංවිධාන , ඩොලර් වලින් පඩි කන නෝනලා සිටින රාජ්‍ය නොවන ආයතන ලංකාවේ තිබේ. නමුත් මේ එක ආයතනයක් හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණාමය ගැන , බොහෝ කාලයක් පුරා පවතින ලිංගික හිංසනය නවත්වි නැවැත්වීමට උනන්දු නොවෙති.

කාන්තා අයිතීන් ගැන කතා කරන මැඩම්ලා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ උත්තමාවියන් අතින් දුෂණයට ලක් වන නවක සිසුවියන් ගැන කතා කිරීමටවත් නොවෙහෙසෙති. ඊට හේතුව ඔවුන්ගේ දියණියන් ඇමරිකාවේ ,ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල වල ඉගෙනීමට යන නිසා විය හැකිය. දුප්පත් දෙමාපියන්ගේ දරුවන් නිහඬව මේ වධය දරා ගත යුතුය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී තමන්ගේ සොහොයුරියට සිදු කල අතවරය ගැන කෝපයෙන් තැවෙන ඇයගේ සහෝදරයා විසින් ලංකා සී නිවුස් වෙබ් අඩවියේ පල කරන ලද කොමෙන්ටුවක් අපගේ නැත ගැටුණි. පාඨකයන්ගේ අවධානය සඳහා එය සංස්කරණය කොට මෙහි පල කරමු.

November 20, 2011 at 9:33 am
“ඔය කැම්පස් එකේම තමයි මගේ නංගිට ඉටිපන්දමක් ගහන්න ගියේ. ඒ ළමයාගේ මුලු අවුරුද්දක්ම ජීවිතේ නැති වෙලා කොලඹ කැම්පස් එකට මාරු වෙලයි ඩිග්‍රිය ගත්තේ. ඕක කරපු එක වේ… බැල්ලියෙක් ව මම පස්සෙ කාලෙක අල්ලගත්තා. මම ඕකුන්ව හොය හොය පලිගන්නවා.

ඕකුන් තමයි මුකුත් නොකර ඕව කර කර ඉඳලා එලියට ඇවිල්ලා, ආන්ඩුවේ රස්සාවල් ඉල්ල ඉල්ල කෑ ගහන්නෙ. මොකද කිසිම දෙයක් දන්නෙ නැතුව ගිරවා දාලා විභාගෙ පාස් වුනාම මොනව කරන්නද? තව බැල්ලියෙක් ඉන්නවා රාජ්‍ය පරිපාලනේ වැඩ කරන, මම ඒකිවත් අල්ල ගන්නවා. යකෝ අපි ගෙවල් වල අමාරුවෙන් ලමයින් ට උගන්නලා එවන්නෙ ඕව කරව ගන්නද? තොපේ ඔය අනුගත වීමේ මුවාවෙන් කරන අලේ හින්දා තමයි ඔය ඔක්කොම. මම මොරටුවෙ හිටියේ. අපි ඔය කිසි දෙයක් කලේ නෑ.

ඒ හින්දා අපිට අයිතියක් තියනවා අපේ ලමයි ට පවුලේ අයට ආත්ම ගරුත්වය තියාගන කැම්පස් යන්න ඉල්ලන්න.අපි ඔය අලයෝ රැල්ලෝ කතා කියන්නෙ නෑ. ඉගනගන වැදගත් පුරවැසියෝ වගේ ජීවත් වෙනවා. පොරත්වය පෙන්නන්න අසරණ කොල්ලො කෙල්ලො අල්ලගන්නෙ ඇයි?”
(උපුටා ගැනීම ලංකා සී නිවුස් වෙබ් අඩවිය)

තම සොහොයුරියට සිදුවූ අතවරය , අවමානය ගැන සොහොයුරාට ඇති වේදනාව , කෝපය සාධාරණය. නමුත් මෙවැනි සිදුවීම් වල අවසානය කුමක් විය හැකිද ? තම සොහොයුරිය බිලිගත් හැතිරිය මරා දැමීමට සොහොයුරා අනාගතයේදී නොපෙලඹේද ? මෙවැනි සමාජ වියසන වැළැක්වීම විශ්ව විද්‍යාල බලධාරීන්ගේ යුතුකම නොවේද? අනාගතයේ මහා විනාශයන් වීමට ප්‍රථම මෙවැනි ලිංගික හිංසනයන්ට විරාමය තැබිය යුතුය. මේ සඳහා බුද්ධිමය කතිකාවක් සිවිල් සමාජය තුල ගොඩනැගීම අත්‍යාවශ්‍ය ය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලය යනු ලෝක උරුමයකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගැන චානුක වත්තේගම මෙසේ විචිත්‍ර සටහනක් තබයි. පේරාදෙ ණි සරසවිය තරම් සාහිත්‍යකරුවන් විසින් රෝමෑන්තීකරණය කරන ලද අන් කිසිදු සරසවියක් මෙබිම ඇත්දැයි සැක සහිතය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “හෙට එච්චර කළුවර නෑ” නව කථාවෙහි එන පේරාදෙණි වැනුම දෙවැනි වෙතොත් ඒ සැළලිහිණි සංදේශ කතුවරයාගේ ජයවද්දනපුර වැනුමටම පමණෙකි. සුගතපාල සෙනරත් යාපා තම “හන්තානේ කතාව” තුළින් පේරාදෙණියේ මන්දිර, ගල් කුළුණු, ගහ කොළ වලට පණදී ඒවා අපේ සන්තානයෙහි කොටසක් කරයි.

මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය තවත් නවකථා, සිනමා සිත්තම් ගණනෙකට මුල් වී ඇත්තේය. සිරි ගුනසිංහගේ “සෙවනැල්ල” හා ගුණදාස අමරසේකරගේ “එක් සත්‍ය කථාවක්” නවකතාද, ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද” සිතුවම් පටයද මගේ සිහියට එක එල්ලේ නැඟෙන ඒවායි. අමරදේවයන්ගේ “හන්තානේ කඳුමුදුන සිසාරා…”, නන්දා මාලිනියගේ “හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළු තලා පිස…” සේම මර්වින් පෙරේරාගේ “මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි…” ගීතයටද පාදක වන්නේ පේරාදෙණිය සරසවියයි. මෙබිම සුවහසක් කවියන්ගේ භාවෝද්ගමනය කළ කාව්‍යමය තෝතැන්නක් වැන්න.

මේ හැරුණු විට පේරාදෙණිය සරසවිය පාදක කොට නොගත්තද අපේ සාහිත්‍යයෙහි එක් කාල පරිච්ඡේදයක් නියෝජනය කළ “පේරාදෙණි සමය” තුළින් බිහිවූ “මනමේ” වැනි නිර්මාණ ගණන විශාලය. (පේරාදෙණිය සරසවිය: හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් -චානුක වත්තේගම )

මෙම රෝමෑන්තීකරණය කරන ලද පේරාදෙණිය සරසවියේ සිදුවන අශ්ශීල ලිංගික හිංසනය නැවැත්වීමට කාලය එළඹ ඇත. මේ සඳහා සියලුදෙනා එකා සේ පෙරට ආ යුතුය. නැතහොත් ඔබගේ දියණිය, සොහොයුරිය , අනාගත බිරිඳ මේ ලිංගික හිංසනයේ ගොදුරක් විය හැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදුවන ලිංගික හිංසනයට විරුද්ධව සුළු වශයෙන් හෝ නිතිය ක්‍රියාත්මක වීම හිංසනය හෙලා දකින සියලුදෙනා ආමන්දයට පත් කරන කරුණකි. මාධ්‍යවේදිනී සමන්ති වීරසේකර වාර්තා කරන අන්දමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නවක සිසුවකුට නවක වදය මුවාවෙන් අස්වාභාවික ලිංගික අතවරයක් සිදු කල එම විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු වන චරිත් ලක්මාල්, රුචිර මධුශංක හා යොහාන් සඳරුවන් යන අය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් 2011 පෙබරවාරි 9 දින දක්වා රක්ෂික බන්ධනාගාර ගත කරන ලදි.

මොවුන්ට නඩු පවරා ඇත්තේ “1998 අංක 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනතේ 2 (ඪ) (නවක වදය) වගන්ති සහ 2 – (ලිංගික අපයෝජනය) වගන්ති උල්ලංඝනය කිරීම යන චෝදනා මත ය.

පේරාදෙණිය සරසවියේ නවක වද සහ ලිංගික අපයෝජන චෝදනා මත තවත් සිසුහු 22ක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත ඊයේ 2012 ජනවාරි 26 දින මුදා හරින ලදි. ඇප මත මුදා හරින ලද සිසුන් අතර සිසුවියෝ 4ක් ද වෙති. මෙම නවක වද සහ ලිංගික අපයෝජන පිලිබඳ අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලද්දේ අපරාධ විමර්ෂන දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල මහතා සහ කාන්තා පොලිස් පරීක්ෂක මනෝරි මහත්මිය විසිනි. මෙම සිසු සිසුවියන් අමතා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ දී මෙසේ පවසන ලදි.

“මේ අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ලංකාවේ බුද්ධිමත් යැයි සැලකෙන තරුණ පිරිසක්. ජීවිතයේ වටිනාම කාලයේ වැරදි වැඩවලට යොමු වීමෙන් ජීවිතයම අඳුරු කරගන්නේ වගකීමකින් තොරව කටයුතු කිරීම නිසයි.ඉදිරියේ දී හෝ ඉතා වගකීමෙන් යුක්තව කටයුතු කරන්න මේ ළමයින් තරයේ සිතට ගත යුතුයි. උසස් අධ්‍යාපනය ලැබීමේදී දෙමව්පියන්ට සැනසිල්ලක් වන පරිදි අධ්‍යාපන කටයුතු පමණක් කළා නම් අද මෙලෙස පසුතැවීමට ලක්නොවන බවද සිතන්න”

{source – Elakiri.com}

Challenges සිංහල චිත්‍රපටය

මමද මෙය නැරබුවෙමි.

සිංහල සිනමාවේ රත්තරන් යුගයේ මම සිටියේ නෙත, ඒ යුගයේ සිනමාවගැන මගේ අදහසක්‌ හෝ ඒ ගැන කිසිම දෙයක් මම දන්නේ නැත, ඒ නිසා ඒ යුගය ගැන කතාකිරීමෙන් පාලක නැත, ඒ නිසා වර්තමාන සිනමාව ගැන කතාකිරීමට අයිතියක් ඇති මම සිතමි,

හරි මාතෘකාවට නැවතත්, කලින් කී චිත්‍රපටය , පටන්ගෙන්ම සුපුරුදු ඉන්දියානු 2.50 සිනමාවයි, පොඩිකාලේ  ළමයි කරන දේවල් ඇත, නමුත් චිත්‍රපටියේ පෙන්නන පරිදි මෝඩ මානසිකත්වයක් ළමයින තුල තිබෙයි යැයි මම නිසිතමි, මාහට අප්‍රසන්නම කොටස වූයේ පන්සලට යනවිට එම දරුවා සෙරෙප්පුවට ඉබ්බෙකු දමා යාමයි,  පන්සල යනු සෙරෙප්පු පරිස්සම් කරන තැනක්‌ නොවෙයි එසේම එහි යන එන සියලු දෙනා සෙරෙප්පු හොරකම් කරන්න එන්නේද නැත, අනික් පස සෙරෙප්පුවට වැඩ ඉබ්බා මිලෙන් වැඩිය, ඉතින් එහි අඩංගු වන්නේ හුදු බාල පන්තියේ කවට සිනමාවයි, මෙයට හේතුවී ඇත්තේ ඉන්දීය සිනමාවේ අභාශයයි ,  පසුගිය අවුරුදු වල ප්‍රචාරය වූ ඉන්දීය සිනමාව තනිකරම මෝඩ පහේ ඒවා වේ (මගේ අදහස). කිහිපයක් හැරෙන්නට, ඔවුන්ට උවමන කර ඇත්තේ All in One (AIO) සිනමා පටයක් නිම කිරීමයි, එහි action,thrill,comedy,sex,romancedrama,music අඩංගුය, නමුත් Hollywood සිනමාවේ මෙය හාත්පස වෙනස්ය,ඔවුන් action film එකක් කරනවිට එහි action  වලට මුල් තැනක දෙයි, එහි comedy නැත. එස thriller movies  වල මෝඩ පහේ joke නැත,

එසේම ඉන්දීය සිනමාවේ ඇති බොලන්දබව කොපමණද යත්, නළුවා දක්ෂයෙකි, ඕනෑම දෙයකට මුහුණ දීමට තරම් ශක්තිය ඔහුට ඇත. එසේම ඕනෑම සටනක් ජයගැනීමට ඔහුට හැකියාව ඇත, එහෙත් එකවරම ඔහුට අහම්බෙන් ඔහුට කෙල්ලෙක් මුනගැසුනොත් ඔහුට එම කෙල්ල සමග කතා කිරීමට ශකිතිය නැත,. ඉතින් ඔහුගේ ඇති පිරිමි කම කොස් කොටන්නද ?

නැවතත් , ඊළඟ අදහස, ලංකාවේ තාරුණ්‍යයට සිනම බිහිවෙන්නේ කලාතුරකින් වෙතත් බිහිවන සියලුම නිර්මාණවල පොදු දෙයක් ඇත, එනම් , ප්‍රදාන නළුවා හෝ නිළිය සල්ලිකාර පවුලක වීමයි. එවිට හැඟෙන්නේ දුප්පත් මධ්‍යම පාන්තික අයට තාරුණ්‍යයක් හෝ ආදරයක් නැතිද යන්නයි,

එසේම නළුවා මීට කලින් කිසිම කෙල්ලෙක්ට හෝ, නිළිය කිසිම කොල්ලෙක්ට මීට කලින් බූට්‌ එක තියා නොමැත , මා අදහස් කරන්නේ මීට කලින් බූට්‌ තැබිය යුතුයි කියා නොව , නමුත් මොවුන් මෙලෙස පිවිතුරු ලෙස සිතෙන්නේ කෙසේද යන්නයි, දකින මුල් දවසෙම ආදරයක් සහ මෙතෙක් ඔහු දුටු ලස්ස්නම කෙල්ල අය වීම පුදුමයක් , එයින් හැඟෙන්නේ මීට කලින් ඔහු කෙල්ලෝ දැක නැති බවයි.

එසේම තාරුණ්‍යයේ kick එක පෙන්වීමට ඔවුන් කරන්නේ beer හෝ creme soda  බොන තරුණයින් රාත්‍රී සමාජ ශාලාවක හෝ පාරක  hip hop  සින්දුවකට නටන දර්ශනයක් පෙන්වීමයි, මෙය සැබැ ජීවිතයේ කවදා සිදුවන්නක්ද, අනික අපි  kick එක කොපමණ ඌවත් පාරේ මීට කලින් කවදාවක් නොකියපු සින්දුවක් කියමින් තවත් පිරිසක් සමග නටන්නේ නැත, අනික් අතට මෙලෙස කන පැලෙන්න බීමත්වී සිටින විට, කෙසේද සිංදුවකට පද ගලපන්නේ,  සින්දු තිබිය යුතුය නමුත් එහි ප්‍රයෝගික බවක්ද තිබිය යුතුය,

 

මෙසේ කියන්නට කරුණු ගොඩක් ඇත, නමුත් කිව යුතුව අත්තේ මෙමෙ චිත්‍රපටය හුදෙක් පහත් විහිළුවලින් පිරි තාරුණ්‍යයට ගත යුත්තක් නොමැති චිත්‍රපටියක් බවයි

 

 

 

Because I Care

Because I care
JUST TO REMIND YOU TO BE MORE CAREFUL
Answer the phone by LEFTear                      
cid:1.1523624817@web45608.mail.sp1.yahoo.com
Do not drink coffee TWICE a day
 cid:2.1523624817@web45608.mail.sp1.yahoo.com
Do not take pills with COOL water
 cid:3.1523624817@web45608.mail.sp1.yahoo.com
Do not have HUGE meals after 5pm
 cid:4.1523624817@web45608.mail.sp1.yahoo.com
Reduce the amount of TEA you consume
 cid:5.1523624817@web45608.mail.sp1.yahoo.com
Reduce the amount ofOILYfood you consume
cid:6.1523624817@web45608.mail.sp1.yahoo.com
Drink moreWATERin the morning, less at night
cid:7.1523624817@web45608.mail.sp1.yahoo.com
Keep your distance from hand phoneCHARGERS
cid:8.1523624817@web45608.mail.sp1.yahoo.com
Do not use headphones/earphone forLONGperiod of time
 cid:9.1523624817@web45608.mail.sp1.yahoo.com
Best sleeping time is from10pmat night to6amin the morning
cid:10.1523624817@web45608.mail.sp1yahoo.com
Do not lie down immediately after takingmedicinebefore sleeping
 cid:11.1523624817@web45608.mail.sp1.yahoo.com
When battery is down to theLASTgrid/bar, do not answer the phone as the radiation is 1000 times

GPRS settings අපිම හදාගමු

GPRS setting custermer care කතා කරලා ‍sms එකක් විදියට ගෙන්න ගන්න පුලුවන් තමා.. But සමහර වෙලාවට උන් එවන්නත් නෑ..


දැන් ඒකටත් සමහර network providers ලා ගාන කපනවා..
මමත් ඒ කටු හොදට කාලා තියෙනවා., ඒ නිසයි මෙක දාන්න හිතුවෙ.


I hope u will useful this ..!
මෙන්න මෙහෙමයි mobile 4n වල GPRS Settings හදා ගන්නේ,,


මෙක ඔන mobile එකකට හරි. මම eg: Nokia ගන්නමි.


ඔබ (Mobitel) නමි,


ඔ‍බෙ mobile එකේ menu එකට යන්න.


settings යන්න තෝරන්න.


connection තෝරන්න.


Access Points යන්න තෝරන්න.


ඉන් පසු Options යටතේ ඇති New access points විධානය තෝරන්න.


ඔබට දැන් යමි මෙනුවක් open වී තිබිය යුතුය.


එහි අදාළ ස්ථාන වලට මෙම දත්ත ඇතුලු කරන්න.


Step 01


1.Connection name- Mobitelwap


2.Data bearer- Packet data


3.Access point name- mobitel3g


4.User name- හිස්ව තබන්න (none ලෙස)


5.Promote password- හිස්ව තබන්න (no ලෙස)


6.Password- වෙනස් නොකරන්න.


7. Authentication -Secure


8. Homepage -wap.mobitel.lk


දැන් නැවත option වෙත ගොස් Advanced settings
තෝරන්න.



එහිදී ඔබට දිස් වන මෙනුව සදහා මෙම දත්ත ඇතුලු කර ගන්න.


Step 02


1. Network type- IPv4


2. Phone IP address- Automatic


3. DNS Address- Automatic


4. Poxy serv. address- 192.168.50.163


5. Poxy port number- 8080


ලෙස ද ඇතුලු කරන්න.


දැන් නැවත මූලික මෙනුව වෙත යන්න.


ඉන් පසු එහි ඇති Services යන්නට ඇතුලු වන්න.
දැන් option යට‍තේ ඇති settings වෙත ගොස් access point යන්නට mobitelwap ලෙස තෝරන්න.
දැන් ‍වෙනදා මෙන් Internet රසය විදින්න.




පහතින් ඇත්තේ අනෙකුත් ජාලයන් සදහා ඔබ ඇතුලු කල යුත් දත්තයන්ය.


ඔබ (Dialog)නමි..



Step 01

1.Connection name-Dialogw@p


2.Data bearer- Packet data


3.Access point name- www.dialogsl.com


4.User name- හිස්ව තබන්න (none ලෙස)


5.Promote password- හිස්ව තබන්න (no ලෙස)


6.Password- වෙනස් නොකරන්න.


7. Authentication -Secure


8. Homepage -wap.google.lk


Step 02


1. Network type- IPv4


2. Phone IP address- Automatic


3. DNS Address- Automatic


4. Poxy serv. address- 192.168.122.002


5. Poxy port number- 8080


ඉන් පසු එහි ඇති Services යන්නට ඇතුලු වන්න.
දැන් option යට‍තේ ඇති settings වෙත ගොස් access point
Dialogw@p යන්නට ලෙස තෝරන්න.




ඔබ (Etisalat) නමි..



Step 01


1.Connection name-Etisalat


2.Data bearer- Packet data


3.Access point name- wap


4.User name- හිස්ව තබන්න (none ලෙස)


5.Promote password- හිස්ව තබන්න (no ලෙස)


6.Password- වෙනස් නොකරන්න.


7. Authentication -Secure


8. Homepage -wap.google.lk


Step 02


1. Network type- IPv4


2. Phone IP address- Automatic


3. DNS Address- Automatic


4. Poxy serv. address- 192.168.104.004


5. Poxy port number- 9401


ඉන් පසු එහි ඇති Services යන්නට ඇතුලු වන්න.
දැන් option යට‍තේ ඇති settings වෙත ගොස් access point
Etisalatයන්නට ලෙස තෝරන්න.




ඔබ (Airtel) නමි..




Step 01


1.Connection name-Airtellive


2.Data bearer- Packet data


3.Access point name- Airtellive 4.User name- හිස්ව තබන්න (none ලෙස)


5.Promote password- හිස්ව තබන්න (no ලෙස)


6.Password- වෙනස් නොකරන්න.


7. Authentication -Secure


8. Homepage -wap.google.lk


Step 02


1. Network type- IPv4


2. Phone IP address- Automatic


3. DNS Address- Automatic


4. Poxy serv. address- 10.200.184.86


5. Poxy port number- 8080


ඉන් පසු එහි ඇති Services යන්නට ඇතුලු වන්න.


දැන් option යට‍තේ ඇති settings වෙත ගොස් access point යන්නට Airtellive ලෙස තෝරන්න.
දැන් හරිනේ….

Sources:

http://www.elakiri.com/forum/showthread.php?t=1328507

http://pchomelk.blogspot.com/2011/11…ur-mobile.html